Sunday, October 2, 2011

ආලෝකො උදපාදි

ආලෝකය.......

ඉස්සර අපි හිතන් හිටියෙ,සමහරවිට තවමත් හිතන් ඉන්නෙ විශ්වයටම අදාල,වේගවත්ම දේ ආලෝකය කියලා....නමුත්,ඒ කතාව තවදුරටත් ඇත්තක්ද??.....ආලෝකයට වඩා වේගවත් දෙයක් තවත් නැද්ද?.ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇතිවෙලා තියනවද කියල හිතලා බලන්නකො.තවමත් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නැත්නං දැන් තමා හොඳම වෙලාව ඒ ප්‍රශ්නෙ ඇතිකරගන්න.මොකද ඊයේ පෙරේදා කරපු පර්යේෂණයකින් හොයාගන්න පුළුවන්වෙලා තියනවා ආලෝකයට වඩා වේගයෙන් ගමන්කරන දෙයක් ගැන.

ජිනීවා වල තියන CERN කියන ආයතනයේ ඉඳන් කි.මී 730ක් ඈතින් තියන ඉතාලියේ Gran Sasso කියන විද්‍යාගාරයට නියුට්‍රිනෝ කිරණ 15,000ක් අවුරුදු 3ක් තිස්සෙ යවල,ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේක හොයාගෙන තියෙන්නෙ.ආලෝකයේ වේගයෙන් ගියානම් මේ නියුට්‍රිනෝ ටික යන්න තත්පරයකින් 2.4 දහසකින් වගේ වෙලාවක් යනවා.නමුත් මේවා ගිහින් තියන්නෙ තත්පරයකින් බිලියන 60කින් වගේ ඉතාම සුළු කාලෙකින්.ඔයාල නිකන් බිලියන 60,2400න් බෙදලා බලන්නකොඋත්තරේ මොකක්ද කියලා.ආලෝකයේ වේගය වගේ අන්න ඒ තරම් ගුණයකින් තමයි මේ නියුට්‍රිනෝ ගමන්කරල තියෙන්නෙ.

කොහොමහරි ඉතින් මේ සොයාගැනීම හින්දා අපි ගොඩක් ආදරේ කරන අයින්ස්ටයින් මහත්තය ගෙ මත ගොඩක් බිදීලා යනවා.කොටින්ම කියනවානම් නූතන භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙන්න බොහොම දුරට ඉඩ තියන බව තමයිආරංචි වෙන්නෙ.ඔය අතරින් තවත් මාතෘකාවක් ගැන පොඩි කසු කුසුවක් ඇතිවෙලා තියනවා.අපි කියවන විද්‍යා ප්‍රබන්ධ වල ගොඩක් වෙලාවට කාල තරණය කියන කාරණාව සම්බන්ධ වෙන්නෙ ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක.ඉතින් ඒකෙ මොකක්හරි ඇත්තක් තියනවනම් අපිට ඉදිරි කාලෙකදි කාල තරණය කියන දේ අත්විඳින්න පුළුවන්වෙයි හැබැහින්ම....:).

ඉතින් මම කිවුව පලියටම විස්වාස කරන්න එපා.ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් හොයල බලන්න.මෙන්න එක ආටිකල් එකක් මගෙ ගානෙ.මාත් අද පත්තරේ මේ ගැන තියනව දැකලා තමයි වැඩිදුර හොයලා බැලුවෙ......:D.

3 comments:

  1. කාලයත් එක්ක ගොඩක් මතවාද එකින් එක බිද වැටෙනවා....

    ReplyDelete
  2. මේක ඇත්තක් වුනොත් අපි මෙච්ච්ර කාලයක් පණ දාගෙන ඉගනගත්ත එව්වා ඔක්කොම පච වෙනවනෙ.. අපරාදේ....:(

    ReplyDelete
  3. @ දිනේෂ් - ඔව් ඔව්...ඒක ඇත්ත සහෝ...:)

    @ හිතූ - ඒකනේ....අපරාදේ අවුරුදු 3ක මහන්සිය...:'(

    ReplyDelete