Sunday, July 10, 2011

කලා කෑමේ Art එක(Part 1)

පලවෙනි පෝස්ට් එක දාලා සෑහෙන කාලයක් යනකම් හිටපු එක ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ.එකපිට එක ආපු assignments ගොන්න එක්ක පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හොයාගන්න උණේ නැහැ.ඊටත් පස්සෙ තව නොයෙක් නොයෙක් දේවල් අතරතුර ලියන්න නිදහසක් ලැබුණු හැටියට තමා මේක ලිවුවේ.පලවෙනි පෝස්ට් එකට ප්‍රතිචාර සෑහෙන තිබුණා.සහය පලකල හැමෝටම ස්තූතියි කියලා කියනවා.

ගියපාර අපි ලස්සන ගැන,ආදරේ ගැන කතාකලා.අද කතාකරන්න හිතුවේ,තවත් කාලීනයි කියලා මට හිතුණු මාතෘකාවක් ගැන.අද දවස වෙනකොට කලාව කියන දේට මොකද වෙලා තියෙන්නේ?.

අපි මුලින්ම බලමුකො සංගීතය දිහාවට හැරිලා.ඉස්සර මම පුංචි කාලේ,අපේ ගේ ඉස්සර පොඩි අඹ ගහක් තිබුණා.ඒකෙ කඳින් අල්ලගෙන ගහ වටේ කැරකෙන ගමන් මම එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ "මේ ප්‍රේම කථා නවතා මොහොතක්.." කියන සින්දුව කියන්න පුරුදුවෙලා හිටියා.ඒ සින්දුව තමයි මම දැනුම් තේරුම් තියන කාලෙක,ප්‍රසිද්ධ ගායකයෙක් කියපු සින්දු වලින් මුලින්ම මගේ හිත ගත්තෙ. තේරුමක් දන්නෙ නැති උණත් ගීයෙ තාලයට,සංගීතයට මං ආස කලා.එදා සිට අද දක්වා කාලයත් එක්ක,මගෙ කණට ඇහුණු සංගීතයෙ පැහැදිලි වෙනස්කම් ගොඩක් සැරින් සැරේ මතුවුණා.මේ වෙනස්කම් බොහොමයක් හොඳ පැත්තට සිදුවෙච්ච ඒවානම් නෙවෙයි.

මුල් කාලේ තිබ්බ සින්දුවල ගොඩක් වෙලාවට අර්ථපූර්ණ බව කියන එකට ගොඩක් වැදගත්කමක් දීලා තිබුණා.භාවපූර්ණ ගායක ගායිකාවන් පමණක් ගායනයට යොමුවීම තුලින් මේ ගුණාත්මක බව ගීතවලින් දැකගන්න පුලුවන් වුණා කියන එක තමා මගේ හැඟීමනම්.නමුත් දැන් ඒ වගේ ගායක ගායිකාවන් බිහිවෙනවා හරි අඩුයි.ඒක සමාජයේ කොතනක සිද්දවෙන අඩුවක්ද කියලා හරියට තේරෙන්නෙ නැති උණත් දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියන රියලිටි වැඩසටහන් නම් මේ තත්වෙට ගොඩක් වගකියන්න ඕන කියලයි මට හිතෙන්නෙ.දක්ෂතාවය වෙනුවට අන්තිමට ජනප්‍රියතාවය සහිත තරුවක් තමා අවසානයේ ඒවායින් එලියට එන්නෙ.ඒ එන තරුත් ඉතින් මාස 5,6 කින්,සින්දු 2,3කින් මිනිස්සුන්ට අමතකවෙලා යනවා.අර කාලයක් තිස්සෙ එයාලා දරපු මහන්සිය ඔක්කොම වතුරෙ යනවා ඉතින්.මම මේ කියන්නෙ බොරුද කියලා ඔයාලටම පේනවා ඇතිනේ දැන් කාලෙ දිහා බැලුවම.

කොහොමහරි ඉතින් දැන් කාලෙ රැල්ල වෙලා තියෙන්නෙ ඔය ඩෝප් වෙච්චි කට්ටියට එහෙම කැපිච්ච පණුවො වගේ දඟලන්න පුලුවන් beat එකක් තියන සින්දු තමයි.එයාලට රිද්මය මිසක් සින්දුවෙ වචන වැඩක් නැහැනෙ. ඉතින් ඔන්න මල් ගැනයි පන්සල් ගැනයි රටේ නැති දේවල් ගැනයි තමා සින්දු ලියවෙන්නෙ.එහෙම රිද්මය තියන,හරවත් සින්දු නැතුවම නෙවෙයි.ඒත් බහුතරයක් තියෙන්නෙ අරවගේ ඒවා.දැන් කාලෙ රසවින්දනය පත්වෙලා තියන තත්වෙ අනුව ස්ටේජ් එකේ සින්දුව යනකොට අපිව නැටවෙන්නෙ නැත්තම් ඒ සින්දුව චාටර් ගණයට තමා වැටෙන්නෙ.අලුතින් එන ගායක ගායිකාවන් ගොඩක් අය කරන්නෙ අර තියන රසවින්දනයට ගැලපෙන සින්දුවක් දෙකක් කියලා එයාලගෙ මල්ල තරකරගන්නවා.ඔය අතරෙ වෙනසක් කරන්න හදන,වෙනස් විදියට හිතන ගායක ගායිකාවන්ට ඇත්තටම අපේ ප්‍රශංසාව හිමිවෙන්න ඕනෙ.මොකද එහෙම කීපදෙනෙක්වත් හිටියෙ නැත්තම් ලංකාවෙ ගායන කලාව මෙහෙමවත් ආරක්ෂාවෙලා තියෙන්නෙ නැහැ.

තවත් අතකින් අපි හැකියාව තියන ගායක ගායිකාවන්ගෙන් හරිහමන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලත් හිතෙනවා.මම නදීක ගුරුගේ මහත්මයා සංගීතවත් කරපු සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන "රිදී නදී" කියන ගීතය ඇහුවා. මට ඇත්තටම පුදුමත් හිතුනා මේ ගායිකාවට මෙහෙම හැකියාවක් තියේද කියලා.ඇයි ඉතින් අපි ඇයව දැන් කාලෙ ගොඩක් දකින්නෙ හිප් හොප් සින්දුවක මොකක්හෝ verse එකක් ගායනා කිරීමෙන් පමණයිනෙ.ඔය මම දැකපු එක සිදුවීමක් විතරයි.ඒ වගේ තමන්ගෙ හැකියාවන්ගෙන් හරියට ප්‍රයෝජනයක් නොගත්ත ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියල මට හිතෙනවා.ඉතින් ඒ වගේ හැකියාව තියන අයව අදාල පරිදි නිර්මාණවලට යොදාගන්නවානම් ඇත්තටම මීට වඩා හොඳ තත්වෙකට සංගීතය කියන අංශය ගේන්න පුලුවන් වේවි.....:)

මම අද කතාකලේ කලාවට වෙලා තියන දේ ගැන කතා කරනකොට සංගීතය පැත්තෙන් ඇතිවෙලා තියන තත්වය.මේ මාතෘකාව හොඳයි කියලා හිතෙනවානම් කියන්න.නාට්‍ය සහ චිත්‍රපට පැත්තෙනුත් මේ ගැන කතාකරන්න මට එතකොට පුලුවන්.එහෙම නැත්නම් වෙනත් මාතෘකාවකට යොමුවෙන්න පුලුවන්.තීරණය ඔබ අතේ........

7 comments:

  1. වර්තමාන සංගීත පරිහානියට මන් නම් හිතන්නේ මිනිස්සුන්ගේ ආකල්පවල වෙනස් වීමත් තදින් බලපානවා.මොකද වැඩි ඉල්ලුමට අනුව තමා සැපයුම තියෙන්නේ...කාලීනව හොඳ පොස්ට් 1ක්..Part2 ඉක්මනින් බලාපොරොත්තු වෙමි.ජය!

    ReplyDelete
  2. ම්ම්ම්..සුභාවිත සංගීතය අභාවයට යන මේ කාලේ මෙහෙම හරි ඒ ගෑන කතා කරන එක ගොඩක් වටිනවා.waiting for the continuation..

    ReplyDelete
  3. වර්තමාන සංගීත නිර්මණ දිහා බැලුවහම ගොඩාක් හොද නිර්මාණ වගේම කිසිම හරයක් නැති නිර්මාණත් අපිට අහන්න ලැබෙනවා,, වඩා වැදගත් වෙන්නේ අහන දකින හැම දෙයක් පසු පස යනවාට වඩා අපේ සංස්කෘතික අනනයතාවත් රැකෙන පරිදි වඩා හොද නිර්මාණ බිහී කිරිමයී.. මේ සදහා කලා කරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයාගෙත් ආකල්ප වල වෙනසක් සිදුවිය යුතුයි...

    ReplyDelete
  4. සමීර සහ මධූ දෙන්නම එකඟ වෙලා තියනවා හොඳ නිර්මාණ බිහිවෙන්න ප්‍රේක්ෂකයන්ගෙත් ආකල්ප,රසය වෙනස් වෙන්න ඕනෙ කියලා....බොහොම හරි....මිනිස්සුන්ගේ බාල රසවින්දනයට අනුව තමා දැන් සංගීත නිර්මාණ බිහිවෙන්නෙ....ඉතින් ප්‍රතිභාපූර්ණ කලාකරුවන්ගෙනුත් සමහර වෙලාවට අරවගේ නිර්මාණ බිහිවෙනවා....මේ තත්වයෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන් මිනිසුන්ගේ රසවින්දනය ඉහල මට්ටමකට පැමිණිය යුතුමයි...:)

    ReplyDelete
  5. අද කාලේ ප්‍රේක්ශකයොන්ට ඕන සින්දු ගහන්න යනවා කියන්නේ එපා වෙන දෙයක්, හැබැයි වවුලා කිව්වා වගේ කලුනික හොයනවා වගේ, ලස්සන අර්තවත් ගීත බිහිවෙනවා, ඒ කලෙ අමරදේවයන්. නන්දා මාලනී, සනත් නන්දසිරි, ගුනදාස කපුගේ වැනි ගායකයන් බිහිවෙනවා අඩුයි, ඒත් කසුන් කල්හාර නදීක ගුරුගේ වැනි ගායකයෝ හින්දා අද සංගීතය පැවතෙනවාම් ඒත් අපේ ඊලඟ පරම්පරාවට ඔය සංගීතය කොහොම යයිද දන්නේ නැහැ.

    ReplyDelete
  6. මෙහෙමත් දෙයක් තියෙනවා මිනිස්සුන්ට අද කාලේ තියෙන කරදර , තම තමනේ ප්‍රශ්න වගේ දේවල් එක්ක හොද කලා නිර්මාණයක් රසවිදින්න පුලුවන්ද කියන එක..අද කාලේ නිර්මාණ බිහිවෙන්නේ අද කාලේ මිනිසුන්ගේ රසාස්වාදයයට අනුවනේ..

    දැන් බලන්න වවුල්ස් ම කියලා තියෙනවා සමිතා ගේ සින්දුවක් කොච්චර උසස් ද කියලා..ඇත්ත ඒ ගීතය නම් උපරිමයි...ඒ ගායිකාව උනත් උසස් නිර්මාණ අතරට අද කාලේ වෙළදපොළ ඉල්ලන ගීතත් නිර්මාණය කරනවා නේද..නැත්තනම් පැවැත්මක් නැහැ..

    මම නම් අද තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවේ..මේකේ දෙවනි කොටසත් ලියන්න ඉක්මනටම එහෙනම්..

    ReplyDelete
  7. @zaman - ඒක තමයි,ඔය දැනට ඉන්න,කටක් ඇරල කලාකරුවො ය කියල කියන්න පුලුවන් කමක් තියන දෙතුන්දෙනා නැතිඋණාම ඉතින් වෙන දේ හිතාගන්නවත් බෑරිවෙයි....

    @චම්මා - මිනිස්සුන්ගේ රසවින්දනයට බාධා තියන බව ඇත්ත...නිර්මාණ බිහිවෙන්නෙ මිනිස්සුන්ගෙ රසවින්දනයට අනුව බවත් ඇත්ත....නමුත් රසවින්දනය පිලිබඳව මිනිස්සුන්ගෙ චින්තනය යම්කිසි ආකාරයකින් වෙනස් වෙන්න ඕනේ...අනික් එක තමා දැන් ගොඩක් දුරට වෙන්නෙ වෙළඳපොල ඉල්ලන ගීත අතරට උසස් නිර්මාණ කිහිපයක් ඈතුලත් කිරීමයි....අපිට ඒකට කාටවත් දොසක් කියන්න බැහැ...සමාජයේ පොදු රසවින්දනයට අනුවනේ නිර්මාණ බිහිවෙන්නෙ.....කතිකාව එක්ක එකතු උණාට බොහොම ස්තූතියි..දිගටම රැඳිලා ඉන්න....ජය....

    ReplyDelete