Sunday, July 24, 2011

කලා කෑමේ Art එක(Part 2)

කලින් පෝස්ට් එකේ අපි සංගීත ක්ෂේත්ර්යට වෙලා තියන දේ ගැන කතාකලා.අද බලමු ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි වලට අත්වෙලා තියන ඉරණම.......

ටෙලිනාට්‍ය ගැන කියනකොට අපිට අද එකපාරට මතක් වෙන්නෙ මෙගා ටෙලිනාට්‍ය ගැන.නාට්‍ය වලට හෙණේට හිටියෙත් ඔය මෙගා සංකල්පයම තමා.මට මතක විදියට මුලින්ම මෙගා විදියට ගියේ "ශාන්ති" කියන ඉන්දියානු නාට්‍යය.ඊටත් පස්සෙ "දාමිණී" වගේ නාට්‍යය වලින් සිංහල මෙගා නිෂ්පාදන ඇරඹුනා.නොයෙක් නොයෙක් නම්වලින් අද හැම චැනල් එකකම වගේ මේ මෙගා ටෙලිනාට්‍ය පෙන්නනවා.වෙනත් බලන්න දෙයක් නැතිකම නිසාම අද ප්‍රේක්ෂකයෝ මේවා බලන තත්වයට වැටිලා.ඔය අතරෙ හොඳ ටෙලිනාට්‍ය ඉඳලා හිටලා නැතුවාමත් නෙවෙයි.නමුත් පවුලේ රසවින්දනයත් එක්ක එහෙම දෙයක් බලන්න රූපවාහිනියෙ චැනල් මාරුකිරීම තරමක් අපහසු දෙයක්.ගෙදර තාත්තා බලන නාට්‍යය අම්මා බලන්නෙ නැහැ,අයියා බලන එකට නංගි කැමති නැහැ.ඉතින් රූපවාහිනිය ඉස්සරහට ගියාම පුංචි පුංචි සණ්ඩු සරුවලුත් ඇතිවෙනවා.ඒ වගේම ප්‍රේක්ෂකයන්ව මෙගා රැල්ලට අහුකරගන්න තිබුණු දෙපැයෙ කථාත් අපිට අමතක නැහැ.කොහොමින් කොහොමහරි දැන් ප්‍රේක්ෂකයන් මෙගා වලට නම් අහුවෙලා ඉවරයි.ඉතින් නාට්‍ය හදන අයත් ඉල්ලුමට අනුව සැපයුම කියලා හෝ ගාලා මෙගා හදනවා.වැඩියම බැලෙන්නෙත් ඒවා නිසා අනෙක් නාට්‍ය යන වෙලාවට කිසිම සමාගමක් වෙළඳ දැන්වීමක් දෙන්නෙවත් නැහැ.ඉතින් හොඳ නිර්මාණ කරන අයට යන එන මං නැතිවෙන හින්දා එයාලටත් සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි මෙගා වලට අත ගහන්න.මම මේ පත්තරයකට නාට්‍ය අධ්‍යක්ෂක කෙනෙක් කියලා තිබුණු කතාවක් කිවුවේ.ඔය cycle එක ඔහොම දිගටම යන හින්දා අපේ නාටය කලාවට නම් දැන් දෙයියන්ගෙ පිහිටයි කියලා තමා කියන්න වෙන්නෙ.

දැන් යන මෙගා නාට්‍යයක පිටපත අපිට උණත් ලියන්න පුලුවන්.කොල්ලයි,කෙල්ලයි,හොඳ ජෝක් දාන වැඩකාරයෙකුයි සම්බන්ධ කරගෙන මූලිකව පිටුවක් දෙකක් ලියාගත්තොත් ඉතින් ආයෙ ගොඩම තමා.මං කියන්නෙ බොරුනම් දැන් යන මෙගා 2,3ක් අරන් බලන්නකෝ.අද ඉන්න චරිත හෙට නැහැ.නාට්‍ය අද බලන්නෙ නැතුව හෙට බැලුවොත් එහෙම අලුත් චරිත 10ක් විතර ඉන්නවා.නාට්‍ය පිටපත ලියන්නෙත් ප්‍රධාන නලුවා හෝ නිලියට හරියන්න..මෙගා වල සමහර විට සතියක් විතර නිලිය හරි නලුවා හරි එකපාරට අතුරුදහන් වෙනව,ආයෙත් නිකන්ම පහල වෙනවා....පසෙසෙ බැලුවම තමා දන්නෙ ඒ නිලියගෙ වෙඩින් එක හින්දයි එහෙම පේන්න නොහිටියෙ කියලා...හික්ස්...අනික නිකන් ඔය මෙගා එකක air time එක ගනන් කරලා බලන්නකෝ.උපරිම විනාඩි 15යි.එතකොට පැය බාගෙනුත් බාගයක්ම වෙන්වෙලා තියෙන්නෙ ඇඩ්ස් වලට.අපි සමහර වෙලාවට නාට්‍යට වඩා බලල තියෙන්නෙ ඇඩ්ස්,ලොල්.....:P.දැන් හදිසියේ මාසයක් විතර නාට්‍යය බලන්න බැරි උණත් අවුලක් නැහැ.මාසෙකින් බැලුවමත් කතාව අන්තිමට තිබ්බ තැනම තමා තියෙන්නෙ....අපේ කට්ටිය රස කර කර බලන නාට්‍ය වල තත්වය ඔන්න ඕකයි ඉතින්......

චිත්‍රපටි ගැන බැලුවොත් නම් ඉතින් සැරින් සැරේ හැදෙන එකක් දෙකක් හොඳ නිර්මාණ වලට අමතරව අනිත්වා එකක්වත් වැඩක් නැහැ.ඕක හැබැයි ඊයෙ පෙරෙයිදා වෙච්ච වැඩක් නෙවේ.සෑහෙන කාලෙයක් තිස්සෙ දකින දෙයක් තමා ඕක.ඉස්සර කලු සුදු චිත්‍රපටියක් ගත්තත් ඒකෙ කොමඩි,ලව්,ඇක්ෂන් වගේම හොඳ කතාවකුත් තියනවා.නමුත් දැන් හැදෙන ඒවා ගොඩක් කොමඩි වගේ තමා හැදෙන්නෙ.හැබැයි ඉතින් ඒවයෙ තියන විහිලු වලට අපි කිතිකවාගත්තත් හිනා යන්නෙ නැහැ.double meaning වචන ටිකක් දාලා අපිව හිනස්සවන්න තමා එයාල හදන්නෙ.ඉස්සර ෆ්‍රෙඩී සිල්වලා එහෙම දාන ජෝක් වලට අපිට තාමත් හිනා යනවා.අනික ඒ කාලෙ කොමඩි නලුවො/නිලියො විදියට ප්‍රසිද්ධ වෙච්ච අයට අමතරව හැම කෙනාටම වගේ හාස්‍ය රසය මතුකරන්න පුලුවන්කම තිබ්බා.ගාමිණි,විජය,ජෝ අබේවික්‍රම,සනත් ගුණතිලක වගේ නලුවො අපි ගොඩක් සීරියස් චරිත වලින් වගේම කොමඩි කෑලි දාන චරිත වලිනුත් දකිනවා.දැනුත් එහෙම අය නැතුව නෙවෙයි.නමුත් හරි නිර්මාණයක් බිහිවෙන්නෙ නැතිකම නිසාදෝ තවම එයාලා කරලියට ඇවිත් නැහැ.උදාහරණයක් විදියට ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ෂණයකින් හැදුනු "සිකුරු හතේ" මෑත කාලීනව හැදුණු හොඳ ෆිල්ම් එකක් විදියට පෙන්නලා දෙන්න පුලුවන්.හාස්‍ය රසය වගේම හොඳ තේරුමක් තියන,සමාජයේ තියන වැරදිවලට පහරක් ගහන ෆිල්ම් එකක්.ඒකෙ අපි ටෙලිනාට්‍ය වල එහෙම තරමක් ගැඹුරු චරිත වලින් දැකපු සුරාජ් මාපා විහිලු ආකාරයේ චරිතයක් ඉතා හොඳට නිරූපණය කරනවා.මෙහෙම හැකියාවන් තියන අනිත් අයවත් හොඳ නිර්මාණවලින් එලියට එනවානම් චිත්‍රපටි කලාව මීට වඩා සෑහෙන හොඳ තත්වෙකට එනවා රංගනය අතින්....

සමහරවිට හැදෙන හොඳ නිර්මාණ සමහරක් අපිට බලන්න වෙන්නෙත් නැහැ.මොකද ඉතින් ඔය රැඟුම් පාලක මණ්ඩලේ එහෙම ඉන්න අය හරි දක්සයි නොවැ හොඳ ෆිල්ම් ටික ඔක්කොම තහනම් කරලා
දාන්න....හික්ස්...
ඉතින් අපිට හොඳ නිර්මාණ විදියට ලඟදි බලන්න හම්බුනේ සිකුරු හතේ,මචං,ආකාස කුසුම්,බඹර වලල්ල,
පුරහඳ කලුවර,මිල්ලෙ සොයා,සංඛාරා වගේ ඒවා සහ තවත් අතලොස්සක් විතරයි.අනික ගොඩක් වෙලාවට හොඳ ෆිල්ම් එකක් ආවාම ඒක ගොඩක් වෙලාවට සම්භාව්‍ය,එහෙමත් නැත්තං වැඩිහිටියන්ට පමණයි ආකාරයෙන් තමා ප්‍රදර්ශනය කරන්නෙ.ඉතින් ඒ නිර්මාණ වලින් තරුණ පරපුර අතරට යන්න ඕන පණිවිඩ බොහොමයක් යන්නෙ මේ 60 පැනපු සීයලාට තමා.ඉතින් ඔය තත්වය ටිකක් වෙනස් කරලා හොඳ නිර්මාණ අපේ අවු 15-16 වයසෙ ඉන්න,සමාජයට එන්න ඉන්න,නොයිඳුල් මනසක් තියන,තරුණ කොටස අතරට යන විදියක් හදනවානම් ගොඩක් ඉහල රසවින්දන හැකියාවක් තියන පිරිසක් අපිට රටට ඉදිරිපත් කරන්න පුලුවන්වෙයි.අපේ රටේ කලාව ආපහු ලොකු තැනකට ගේන්නනම් අනිවාර්යෙන් ඒ වගේ රසවින්දනාත්මක මොළ හේදීමක් කරන්න වෙනවා.....

අන්තිමට කියන්න තියෙන්නෙ ටිකක් සතුටට කාරණාවක්,ඔයාල දැන් හිතනවද දන්නෙ නැහැ කලාව සම්පූර්ණයෙන් වල් වැදිලා කියලා...නමුත් තවමත් වේදිකාව ඔය තත්වයෙන් ගොඩක් දුරට ආරක්ෂා වෙලා තියනවා...දැන් ඇත්තටම හොඳ දෙයක් රසවිඳින්න අපිට තවමත් ඉතුරුවෙලා තියන හොඳම ප්‍රභවය තමා වේදිකාව...ඉතින් ඒකත් නිකරුනේ විනාස වෙන්නෙ නැතුව තවත් චිරාත් කාලයක් ඔය විදියටම ආරක්ෂා වෙලා තියෙන්න කියලා තමා අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ අවසාන වශයෙන්....:D

5 comments:

  1. සහතික ඇත්ත මචෝ කථාව නම්... ඉස්සරහටත් අපි හැමදාම දකින, එත් හැමෝටම නොපෙනෙන පැතිකඩක් ගැන හොඳ කතිකාවක් දෙන්න.. :)

    ReplyDelete
  2. සිරා සීන් ඒක වවුල්..ලංකාවේ මෙගා ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ..මට ඔය මෙගා නාට්‍ය ගැන පොඩ් ප්‍රශ්නයක් තියෙනවා..ඇයි ලය නාට්‍යය වලට ගෑනු අයගෙම නම් දාන්නේ..උදාහරණ ඉතින් කියන්න ඕන නැහැ..කිව්වොත් ඔක්කොම වගේ ගෑනු නම් තමයි.වැඩියෙන්ම ඔව්වා බලන්නේ ගැහැණු අය හින්දද දන්නෙත් නැහැ ඔහොම කරන්නේ..

    අනිත් දේ තමයි මෑත කාලේදී ආපු ප්‍රවණතාව තමයි නවකතාව ---> මෙගා නාට්‍ය කිරීම..සාර්ථක උන නාට්‍යය නම් තිබ්බේ බොහොම අතලොස්සයි..ගොඩක් ඒවා තිර රචනය පැත්තෙන් අසාර්ථකයි [ ඒත් Ratings වලින් නම් දිනුම් ]

    මම නාට්‍යය වලින් මෑත කාලේදී එකක් වත් මගනොහැර බැලුවේ "ඇබෑර්තු ඇත" කියන නාටය්‍ය විතරයි..ඒකේ නම් ආදර්ශමත් කතාවක් තිබ්බා..තව මෙගා වලින් කියලා බැලුවේ "සක්විත්තෝ" [ ඒක මෙගා ටයිප් මත් නෙවයි..නමුත් කතාව හොදයි ]

    චිත්‍රපට ගැන කතාකරොත් තාමත් " සිකුරු හතේ " උඩින්ම ඉන්නවා.මම "කින් හන්තර්" නම් බැලුවේ නැහැ..බලපු අය නම් කියනවා හොදයි කියලා..

    අප්පා මේවා ගැන කතා කරනවා නම් ඉතින් කතා කරන්න පුළුවන් පැය ගනන්.අපේ අයගේ රස වින්දනය දැන් එන්න එන්නම නැති වේගෙන යනවා.

    මේ කමෙන්ට් එකත් දිග වැඩි උනාද මන්ද...හි හි. වවුල්ට ඕන නම් කතා කරන්න තව මාතෘකාවක් දෙන්නම්.පුළුවන් නම් ලියන්න ලංකාවේ
    "Reality TV Shows" ගැන.මමත් පොස්ට් එකක් ඕක ගැන දාන්න හිටියට තාම හරියට වෙලාවක් සෙට් උනේ නැහැ..දිගටම ලියන්න !!!

    ReplyDelete
  3. @ පාරින්ද - අනිවා මචෝ...සප් එකට ගොඩක් තෑන්ක්ස්...:)

    @ chamma - නම් ප්‍රශ්නෙට නම් මම හිතන විදියට උත්තරේ මචෝ කතාවත් බොළඳ හින්දා වෙන්න ඇති කියන එක තමා...හික්ස්....ඔව්,මුලින්ම නාට්‍යයක් විදියට ආපු නවකථාව "චාතුර්යා" ද කොහෙද...පොතක් චලන චිත්‍රයට නගන එකේ අසාර්ථකත්වය අපි චිත්‍රපටි වලින් එහෙම හොඳට දකිනවනේ...හැරී පොටර්,ට්වයිලයිට් වගේ ඒවා හොඳම උදාහරණ...

    හි හි...දිග වැඩියක් නැහැ මචෝ....අදහස් කැමති විදියට දාන්න...:)...ඔබේ යෝජනාව බොහොම සතුටින් බාරගන්නවා.ලඟදිම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්...දිගටම රැඳිලා ඉන්න...ජය!!!..

    ReplyDelete
  4. වවුලටත් තියෙන්නෙ හොද රසවින්දනයක් නොවැ....ම්ම්ම්....ටෙලි නාට්‍ය ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ...හැබැයි මාත් ඉතින් වටින් ගොඩින් බලන්වා
    මේ දවස් වල යන "බොඳ මීදුම් " නාට්‍ය නම් පොත කියවල තියන නිසා මට හිතට ඇල්ලුවා...(බොළඳ කතා වලට ආසයිනෙ මං).ඒකෙ චරිත ගැළපෙනවා...පොතේ තියන රසය නාට්‍ය යෙනුත් ලැබෙනවා කියලා හිතුනා...
    සිකුරු හතේ නම් නියම ච්ත්‍රපටිය..:D

    ReplyDelete
  5. @ හිතූ - සාර්ථක වුණු පොතක් නිසා ඒකෙ කතාව හොඳ වෙන්න ඇති...මමනම් බලන්නෙ නැහැ ඉතින්....හි හි...

    ReplyDelete