Monday, December 26, 2011

මම ඔයාට කැමතියි....ඔයා ඒක දන්නවද?...



ඔන්න ආයෙමත් සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවා.ටික දවසක් නිවාඩු හින්දා ලැබුණ විවේකයෙන් තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ.ගොඩක් අය ඇහුවා බ්ලොග් එක ආයෙත් ලියන්නෙ නැද්ද කියලත්.ඒ හැමෝගෙම ප්‍රශ්නවලට උත්තරෙත් එක්ක තමා මේක පලවෙන්නෙ...:)

මම ආරම්භය ගන්නම් බ්ලොග් එක පටන්ගත්ත තැනින්ම.ආදර මල් වල පාට බලපු අයට මතකද දන්නෑ මම කථාවට මුලපුරපු විදිය ගැන.ඒක නොබලපු අයත් ඉන්නවා ඇතිනෙ, බලපු අයටත් මතක නැතිව ඇති.කවුරු කවුරුත් එහෙනම් ආදර මල් වල පාට බලලා එමුකො ටක් ගාලා.

හරි.මම ඕකෙ මුලම ඡේදයෙ කියලා ඇති "...කොල්ලා ඉතින් දවසක් එහෙම දාගෙන,හොඳ කිට් එකක් එහෙම ගහලා,යාලු මිත්තරයන්ගෙ කික් එකෙන් ගිහින් කෙල්ලගෙන් අහනවා කැමතිද කියලා..." කියලා කොටසක.මේක දෑකපු කාටවත් සමහරවිට අමුතු දෙයක් හිතෙන්න නැතිව ඇති.ඒත් ලඟදි දවසක යාලුවෙක් අහපු කතාවක් එක්ක මම ඒ ගැන ටිකක් කල්පනා කලා.මෙතනදි මම කියලා තියෙන්නෙ "කොල්ලා කෙල්ලගෙන් අහනවා කැමතිද කියලා..." මිසක් "කෙල්ල කොල්ලගෙන් අහනවා..." විදියට නෙවෙයි නෙ.කාටවත් හිතුනෙ නැද්ද එතන මොකක් හරි අවුලක් තියනවා කියලා?.නැහැ,ඒක 99% කටම පේන්නෙ නෑ කියලා මට බය නැතුව කියන්න පුලුවන්.ඔය වාක්‍ය කෑල්ලෙන් අදහස් වෙන්නෙ ලව් එක එලියට දාන්න මුලින්ම ඉස්සරහට එන්න ඕනෙ කොල්ලා කියල නේද?...දැනට සම්ප්‍රදාය නම් ඒක තමයි.අනික දැන් සමාජයේ ඇත්තටම පිලිගන්න අදහසත් ඒකම හින්දා තමයි ඒකෙ මුකුත් ප්‍රශ්නයක් කාටවත් නොපෙනුනේ.

ගොඩක් දෙනා හිතන් ඉන්නෙ කැමැත්ත ප්‍රකාශ කරන එක කොල්ලට විතරක් අයිති වැඩක් කියලයි.මමනම් එකට එකඟ නැහැ.අපි අද කාන්තා විමුක්තිය ගැන,කාන්තාවට නිසි තැන ලබාදෙන එක ගැන ලොකුවට කතා වෙනවා.ඒත් ඇයි ඔය කාරණාවෙදි අපි ඒ ගැන හිතන්නෙ නැත්තෙ?.කවුරු කැමැත්ත ප්‍රකාශ කරත් දෙන්නට දෙන්නා කැමතිනම් එතනදි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ.ආදරය කරන්න කෙල්ලන්ට පුලුවන්නම් ඒක කිවුවාය කියලා වෙනසක් හිතන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.

දෑන් මේක කියවන කෙල්ලො කොල්ලො ඔක්කොම ටික බලනව ඇති මට මේ තියන රුදාව මොකක්ද කියලා මේ ගැන කතා කරන්න.මම මේ කියන්න හදන්නෙ මීට පස්සෙ කෙල්ලො, කොල්ලො ගාවට ඇවිත් කැමතිද අහන්න ඕනෙ කියල නෙවෙයි.කෙල්ලොත් ගොඩක් කැමති කොල්ලගෙන් වැඩේට ආරම්භයක් ලැබෙනවනම් තමයි.ඒත් සමහර වෙලාවට ගෑනු ලමයෙක්ගෙ හිතේ කොල්ලෙක් ගැන කැමැත්තක් තියෙනවා.ඒත් කොල්ල අහන පාටක් නෑ.ඉතින් කෙල්ලට ඒක අර කොල්ලට කියාගන්න බැරිවීම හින්දා ලස්සනට ලියවෙන්න තිබුණ ආදර කතා කීයක් නම් නැතිවෙලා යන්න ඇද්ද?.ඒක එහෙම වෙලා තියෙන්නෙ තමන්ගෙ කැමැත්ත මුලින් කියන,ප්‍රකාශ කරන ගෑනු ලමයි සමාජෙ හංවඩු ගැහිලා තියෙන්නෙ "කෑල්ල","අයිටම් එක" සහ තවත් මෙතන කියන්න අමාරු වචන වලින්.පිරිමි ලමයි අතරෙ විතරක් නෙවෙයි,ඔය වචන ගෑනු ලමයිනුත් පාවිච්චි කරනවා.තමුන්ට කැත නමක් හදාගන්න ඕනෙ නැති හින්දා එහෙම කැමැත්තක් තියන ගෑනු ලමයින්ගෙන් ගොඩක් අය නිශ්ශබ්දව ඒක හිතේ හංගගෙන ඉන්නවා.

මිනිස්සුන්ට පදයක් හදන්න,හිනාවෙන්න බලන් ඉන්න කුහකයන්ගෙන් පිරුණ සමාජයක් තමා අපේ රටේ තියෙන්නෙ.ඉතින් තාමත් 3වෙනි ලෝකෙ රටක් වෙලා තියන එක අහන්න දෙයක් යැයි.ඉතින් මේ වගේ මන්දබුද්ධික,අවිචාරමත් වැඩ නොවෙන්න නම් සමාජීය චින්තනයේ ලොකු වෙනසක් වෙන්නම ඕනෙ.ඒක දවසකින් දෙකකින් වෙයි කියලා හිතන්න අමාරුයි.නමුත් කවදා හරි ඒක එහෙම වේවි....:D

මම මෙච්චර වෙලා කියන්න හැදුවෙ ගෑනු ලමයෙක් තමුන්ගෙ හිතේ කොල්ලෙක්ට කැමැත්තක් තියනවනම් ඒක මුලින් ප්‍රකාශ කරාට කිසිම වරදක් නෑ කියලා.ඒක මූණටම කියනවා වෙන්නත් පුලුවන්.එහෙම නැත්තන් ඔය කතාබහෙන්,බලන විදියෙන්,කරන වැඩවලින් අඟවනවා වෙන්නත් පුලුවන්.අන්න එහෙම කැමැත්ත පෙන්නනවනම් අපේ කොල්ලොත් ඉතින් දැනගන්න ඕනෙ වෙන්නෙ මොකක්ද,කරන්න ඕනෙ මොකක්ද කියලා.කෙල්ලන්ටම ඔක්කොම කරන්න ඉඩ දීල බලන් ඉන්නත් හොඳ නැහැනෙ....:P.කෙල්ලන්ට කියන්න තියෙන්නෙ එහෙම තමුන් කැමති කොල්ල අවිත් තමුන්ගෙන් ඇහුවෙ නැත්තන් තමුන් හරි ගිහින් ඒ කොල්ලගෙන් අහන්න කැමතිද කියලා.මොකද තවත් අවුරුදු ගානක් ගියාට පස්සෙ ඔයාල සමහරවිට පසුතැවෙයි ඒ වෙලාවෙදි මොකක් හරි පියවරක් ගත්තෙ නැති එක ගැන.ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැරි හින්දා ඒ වෙලාවට තියන නුවණ පාවිච්චි කරන්න.එතකොට අන්තිමේදි සියල්ලෝම සතුටින් විසිර යයි.....;)

ප.ලි - කොල්ලො මේ පෝස්ට් එක කොහොම දකීද දන්නෙ නැහැ.කොහොමවුණත් මාතෘකාව සංවාදයට විවෘතයි.වෙනස් අදහස් තියනවානම් ඒව කියන්න කිසි අවුලක් නෑ....:)

4 comments:

  1. කතාව ඇත්ත. සම්පූර්ණයෙන් ම එකඟයි...........

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේ ගැන කියන්න හුඟාක් දේවල් තිබ්බට. කියන්න ඕනෙ නෑ කියලා හිතුනා. කවුරු කොහොම කිව්වත්, ආදරේදි කෙල්ලෙක් ඉස්සර වුනොත්, අනිවාර්යෙන්ම ඒ කෙල්ල පිරිමි කටවල් ගොඩකින් හොද හොඳ කතා අහගන්නවාමයි...කොහොම කිව්වත්, මේ ලංකාවෙ ඉන්න කොල්ලො බහුතරයක්ම,90% ක් විතරම එහෙම කෙල්ලෙක් දිහා බලන්නෙ වපර ඇහෙන්ම තමා...

    කලාතුරකින් ඉතින් කෙල්ල ඉස්සර වුනොත් හරියන සම්භාවිතාවයකුත් තියෙන්වා. ඒත් හරි කලාතුරකින් මං හිතන්නෙ.. පෝස්ට් එකෙනම් හොදයි.. ජය වේවා!!

    ReplyDelete