Thursday, September 8, 2011

යථාර්තයක් වෙන්නට පෙරුම් පුරන රියැලිටිය

සුපිරි ගායන තරු,මෞලි මංගල්‍යයන්,ලොකුම වේදිකාවන්......මේ අද අපිට නිතර දෙවේලෙ අහන්න ලැබෙන වචන ටිකක්.රියැලිටි ගණයේ සැලකෙන වැඩසටහන් වලින් තමා අපිට මේ වචන ගොඩක් හුරුපුරුදු වුණේ.අද වෙනකොට ප්‍රධාන කියල සැලකෙන රූපවාහිනී වගේම ගුවන්විදුලි නාලිකා ඔක්කොම වගේ අඩුම වශයෙන් එකක්වත් මේ ආකාරයේ රියැලිටි වැඩසටහන් පවත්වා තියනවා.ඉතින් මේ රියැලිටියේ ඇත්ත තත්වය මොකක්ද කියලා අද කතිකාවෙන් පොඩ්ඩක් හිතලා බලමු......

ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් මුලින්ම විකාශය වුණේ ඛ්‍රිතාන්‍යයෙ Itv නාලිකාවෙන් Pop Idol කියන ගායන කුසලතා මනින වැඩසටහනක් 2001 අවුරුද්දෙ.ඒකටම සමානවෙච්ච වැඩටහන් ඊට පස්සෙ ඇමරිකාවෙ American Idol නමින් 2002 අවුරුද්දෙදි. ඊටත් පස්සෙ 2004 අවුරුද්දෙ අපේ අසල්වාසී ඉන්දියාවෙන් පටන් ගත්තා Indion Idol වැඩසටහන.ලංකාවට මුලින්ම රියැලිටිය ලැබෙන්නෙ 2004 අවුරුද්දෙ Pop Idol ටම සමානවෙච්ච Super Star වැඩසටහනෙන්.අපේ අය කවදත් අනුන්ගෙ වැඩ කොපි කරන්න හරි දක්ෂයි නෙ,ඉතින් මේ වෙච්ච වැඩෙනුත් ඒක හොඳටම පේනවා.ඉස්සර කලු සුදු චිත්තරපටියෙ තිබ්බ සින්දුවෙ ඉඳන්ම අපි ඉන්දියාවෙන් කොපි කරගත්තා...තවමත් ඒ මානසිකත්වය අපේ කට්ටියගෙන් අයින්වෙලා නෑ.හරි හරි....ඔයින් මෙයින් අපේ කතාව මග ඇරෙනවා.

Super Star වලින් පටන්ගත්ත රියැලිටිය හරි ඉක්මනට ජනප්‍රිය වුණා......බොරු කියන්න ඕනෙ නැහැනෙ, මමත් ඉතින් පලවෙනි season එක එහෙම්පිටින්ම බැලුවා...ඒකෙනම් ඇත්තටම සුදුස්සාට සුදුසු තැන නොලැබිම ඇරෙන්න අනිත් හැම දෙයක්ම හොඳට තිබුණා කියලා මටනම් හිතෙන්නෙ.හොඳ හැකියාවන් තිබුණු කට්ටියක් අන්තිම වට වලදි අපිට දකින්නට ලැබුණා.අති සාර්ථක වුණු Super Star වැඩසටහන හින්දා අනිත් නාලිකා ඔක්කොගෙම ඇස් මේ රියැලිටි වැඩසටහන් දිහාවට හැරුණා.ඒ එක්කම හතු පිපෙන්නා වාගෙ හැම තැනින්ම මේ වගේ රියැලිටි වැඩසටහන් පටන්ගත්තා.ඉතින් මේ වැඩසටහනක ගලායාම කොහොමද කියලා බලමු......

මුල් වට කීපයෙදි විනිශ්චයකරුවන් ගෙන් ලැබෙන විනිශ්චය අනුව තරඟකරුවන්ව ඊලඟ වට වලට තෝරගන්නවා.ගොඩක් වෙලාවට මුල්ම වටයට ලක්ෂ ගණන් තරඟකාරයො ඉන්න හින්දා වට 10ක් විතර යනකම් මේ විදියට වින්ශ්චයෙන් තමා ඉස්සරහ වට වලට තරඟකාරයො තෝරගන්නෙ.ඊටපස්සෙ කට්ටිය 50කට විතර අඩු වුණාම පටන්ගන්නවා sms වලින් ඊලඟ වටයට යවන එක.මෙහෙම තවත් කට්ටිය අඩුවෙලා ගිහින් 12කට විතර බැස්සට පස්සෙ තරඟය ගොඩක් උණුසුම් වෙනවා.අපිට ඒ කාලෙ නම් පන්ති වල ඉස්සරහ,කලින් බෙදපු ලීෆ්ලට් ටික ඇරුණම සුපිරි තරුව කරන්න මනාප sms එවන්න කියලා ඔක්කොම විස්තර තියන කාඩ් පවා ලැබුණා,පන්තියෙ සර්ගෙන් ඉගෙනගෙන තරුවක් වෙන්න ගිය ගෝලයො ඒ පන්ති වලට ඇවිත් සින්දු කිවුවා,සමහර වෙලාවට සර්ම කියනවා මෙන්න මෙයාට මේ තරඟයෙන් දිනන්න මනාපයක් දෙන්න කියලා.ඒ ඇරුණම හන්දි ගානෙ අදාල පැත්තෙන් තරඟයට ගිය කෙනාගෙ ලොකු කටවුට් එහෙමත් තිබුණා.

මට ඒ කාලෙහිතුණු දෙයක් තමා ඔය ප්‍රචාරක වැඩේ කරන්න ඇත්තෙත් අර රියැලිටිය තියන නාලිකාවෙන්මය වෙන්න ඇති කියලා.මොකද වෙනස් තරඟකාරයොන්ගෙ අර මනාප ඉල්ලල තිබුණ කාඩ් වගේම කටවුට් ඔක්කොම එකම විදියට design කරලා තිබුණෙ.වෙනසට තියෙන්නෙ මූණයි,නොම්මරෙයි විතරයි.ඒකත් එක්කම නාලිකාවෙ නමත් හැම කාඩ් එකකම තිබුණා.සන්තකේ තියන ඒවත් වියදම් කරගෙන කාඩ් ගහගෙන මනාප ඉල්ලන තරඟකාරයොන්ට පිස්සුවක් ඇතෑ අර කාඩ් එකේ පාට පාටින් නාලිකාවෙ ලාංඡන ගහන්න.ඇරත් ඔය කටවුට් එකක් ගහන්න කොච්චර වියදමක් යනවද.අර මිනිස්සු ටිකට තිබුණනෙ ඔය සල්ලි ටිකෙන් පොඩි සිල්ලර කඩයක් දාගන්න.හික්ස්.......:P.

හ්ම්.ඉතින් කොහොම කොහොමහරි මුල වට ටිකේදි දක්ෂකම මත ඉස්සරහට එන තරඟකාරයන්ට පහුවෙනකොට,ඉස්සරහට යන්න බලපාන කාරණව තමා ජනප්‍රියතාවය.මම කියන්නෙ බොරුනම් මේ තිබුන රියැලිටි වැඩසටහන් එකකවත් අවසන් හරියෙ වට වල විනිශ්චයකාරයොන්ගෙ තීරනෙන් විතරක් එක තරඟකාරයෙක් ඉස්සරහ වටේකට ගියාද කියල හිතල බලන්න.අඩුගානෙ 50% ක්වත් දක්ෂකමෙන් මනින්න තිබුනනෙ.ජනප්‍රියතාව මනින්නෙත් හම්බුන sms ගානෙන් නෙ.කලින් නම් ඒ ක්‍රමෙත් ටිකක් හරි සාදාරණව සිද්දවුණා.මොකද එක නොම්මරේකින් එවන්න පුලුවන් එක sms එකක් විතරයි කියල නීතියක් තිබුණ නිසා.පස්සෙ ඕනතරම් sms එවන්න පුලුවන් කියල තිබුණනෙ.ඉතින් ජනප්‍රියතාව වුණත් ඔයවිදියට සාදාරණව මනින්න බැහැ කියල පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා.ඔය අතරෙ කතා තිබුණා සමහර තරඟකරුවන් කුලියට මිනිස්සු දම්මලා ෆෝන්,සිම් අරන් දීලා sms ගැස්සවීමේ වැඩකුත් තිබුණ කියලා.අපිනම් ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ,එහෙම වුණා වෙන්න බැරිත් නැහැ.sms ඕනතරම් එවන්න පුළුවන් කළේ ඒ එවන හැම sms පනිවිඩයකටම අර නාලිකාවට කොමිස් මුදලක් අර අදාල ටෙලිෆෝන් ජාල කොම්පැනියෙන් ලැබෙන හින්දා.කොහොමහරි විනිශ්චයකාරයන්ගෙ තීරණෙට හරියන්නෙ නැති තරඟකාරයොත් ගොඩක් ඉස්සරහට යනවා වගෙම සමහර වෙලාවට රියැලිටියෙ දිනුමත් ලබාගන්නවා අසීමිත sms මනාප හින්දා.ඔය විදියට ඉවර වෙච්ච රියැලිටියක ගුටි කෙලියකුත් අපි පහුගිය කාලෙ දැක්කනෙ.....;)

ඔන්න ඉතින් දැන් රියැලිටිය දින්නා කියමුකො.ඒ දිනපු තරඟකාරයට ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?.දැන් ඉවරකරපු රියැලිටි වල දිනපු සමහර අය අද ලංකාවෙත් නැහැ,කොටින්ම කියනවනම් ලොවෙත් නැහැ.එක රැයෙන් සුපිරි තරු පායලා බැහැලා යනවා.මුල කාලෙ රියැලිටි වලින් දිනපු අයනම් දැන් නැති එක කමක් නැහැ කියමුකො,මේ ඊයෙ පෙරේද ඉවරවෙච්ච රියැලිටි දින්න අයත් දවස් දෙක තුනකින් පස්සෙ දකින්නවත් නැහැනෙ.ඇත්තටම වෙන කෙනෙක් දිනුවනම් යම්කිසි වැඩක් කරන්න පුලුවන් කෙනෙක් රියැලිටියෙන් බිහිවෙන්න ඉඩතිබුණු අවස්ථාත් තියනවා.සමහර වෙලාවට දිනපු කෙනාට වඩා වෙන කෙනෙක් සාර්ථක වෙනවා තමන්ගෙ ක්ෂේත්රය ඇතුලෙ.රියැලිටියෙන් ඇත්තටම සදාකල් පවතින තරු හදන්න බැහැ.තමුන්ට හැකියාවක් කියනවා කියන එක රියැලිටියකින් හොයාගන්න පුලුවන්.එතනින් එහාට තමන්ගෙ සාර්ථකත්වය හදාගන්න ඕනෙ තමන්මයි.ඉතින් එහෙම උනන්දුවක් නැති අයට දිනුම ලැබුනම දිනුම ගත්තා කියනව මිසක් වෙන තැනකට,වෙන ඉලක්කෙකට යන්න එයාල සමත්වෙලා නැහැ.ඒක හදන්නනම් ඉතින් කට්ටියගෙ ආකල්ප මුල ඉඳන් හදන්න වෙනව.

ඔයින් මෙයින් ඉතින් දැන් රියැලිටිය ගායනේ විතරක් නෙවෙයි,හැම අංශෙකින්ම වගේ දකින්න තියනවා.නටන්න,වැඩ පෙන්නන්න වගේම දැන් සෑහෙන ජනප්‍රිය එකක් තමා මේ පොඩි උන්ට තියන රියැලිටි වැඩසටහන්.ඉස්කෝලෙවත් නොයන කිරිසප්පයො හිටන් මෙව්වට එනවනෙ. ඒ වගේයැ කියන සින්දු.අමරදේව වගේ භාවපූර්ණ ගායක ගායිකාවන්ගෙ සින්දු තමා ඒ පොඩ්ඩො කියන්නෙ.අපි පොඩිකාලෙනම් ඔය දියගොඩ සැමතැන,නිල් අහස්තලේ,සැළලිහිණි කොවුල් වගේ සින්දු තමා කිවුවෙ.තරඟයක් නිසා යම්කිසි මට්ටමක තියන සින්දු කියන්න ඕනෙ තමා.නමුත් පොඩි ළමයෙක්ට කියන්න පුලුවන් සින්දුයි බැරි සින්දුයි මොනවද කියලා ඕවට ළමයි ඉදිරිපත්කරන දෙමවුපියොයි,තරඟ විනිශ්චයකාරයොයි ඔක්කොම වටහාගෙන ඉන්න ඕනෙ.ඔය පොඩ්ඩොන්ගෙ රියැලිටියක් නිකන් බලන්න මම බොරුද කියන්නෙ කියලා.අනික ඉස්සර පොඩි උන්ට අම්මලා තාත්තලාගෙන් වදේ තිබ්බෙ 5 ශිෂ්‍යත්වෙට විතරයි.දැන් ඒවටත් කලින් රියැලිටි මානසිකත්වය දෙමවුපියන්ගෙ ඔලුවට ඇවිත්.ඇත්තටම තමුන්ගෙ ළමයට දක්ෂකමක් තියනවනම් තරඟයකට ඉදිරිපත් කිරීමෙ වැරැද්දක් නැහැ.නමුත් අරයගෙ ළමය ගියා,මෙයාගෙ ළමයත් දැම්මලු ඉතින් අපේ ලමයට බැරි මොකෝ,එහෙම හිතලා නිකන් අන්ධානුකරණෙට අහුවෙන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

දැන් කට්ටිය මේක කියවලා හිතන්න එපා රියැලිටි වල තියෙන්නෙ නරකමයි කියලා.ඇත්තටම හැංගිච්ච දක්ෂයො ගොඩක් මේ වගේ රියැලිටි වැඩසටහන් වලින් අපි දකිනවා.ඉතින් මේ වැඩසටහන් හොඳ ඉඩක් අරන්දෙනවා එහෙම දක්ෂයින්ට තරඟය දිනුවෙ නැතත් තමන්ගෙම නිර්මාණ වලින් මොකක්හරි අනන්‍යතාවයක් අදාල ක්ෂේත්රය තුල හදාගන්න.එහෙම තත්වයක් හදාගත්ත අයත් ඉන්නව.ඒ හින්දා දිනුවෙ නැතත් සහභාගී වීම වැදගත් කියන එක මෙතනදිත් අපිට පැහැදිලි වෙනව.කලාව කියන එක ඇතුලෙ කැපිල්ල එහෙම ගොඩක් දකින්නට ලැබෙනව.ඉතින් මේ වැඩසටහන් වලට ඉදිරිපත්වෙන අයට තමුන් එක්ක තරඟ කරන අය ඔක්කොම එක්ක හොඳින් ආශ්‍රය කරන්න ඕනෙතරම් ඉඩ තියනව.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් හැමෝම එක්ක සහයෝගෙන් වැඩ කරන්න,ජය පැරදුම එක වගේ විඳගන්න පුරුදුවෙන්න වගේ ගොඩක් දේවල් අපේ තරඟකරුවන්ට ඉගෙනගන්න පුලුවන්. කියන තරමට සුන්දර යථාර්තයක් මේ රියැලිටි වැඩසටහන් වල නැහැ.ඒ සුන්දරත්වය ඇතිකරගන්න ඕනෙ තමන් විසින්මයි.........

ප.ලි :- පෝස්ට් එක ටිකක් දිග වැඩි වුණා.කියවන්න අපහසු වෙලානම් සමාවෙන්න ඕනෙ.ඒ වගේම අපේ චම්මා සහෝට ස්තූති කරනවා මේ මාතෘකාව ගැන ලියන්න කියලා දිරිමත් කිරීම ගැන.....:)

7 comments:

  1. D.A.Lahiru madhuamdhaSeptember 8, 2011 at 9:39 PM

    machan...!
    lassana wadaka...digatama karan yanda..ketiyen hinayana vidiyata thiyanavanam thavath hodai...godaak digata thiyanakota kiyavanna kammali ban..any way keep donig..Good luck machan

    ReplyDelete
  2. අප්පා ඔය ඇවිත් තියෙන්නේ කාලෙකින්,මම හිතුවේ බ්ලොග් එක අමතක වෙලා ඇති කියලා..
    වවුල්ස් මේ ටොපික් එක ලියන්න පරක්කු උන නිසා මමත් ටික කාලෙකට කලින් මේක ගැනම ලිව්වා.කියලා තියෙන දේවල් නම් ඇත්ත..
    ගොඩක් වෙලාවට ඉතින් ඔය තරගවලට එන අය ජය/පැරදුම දෙකම බාරගන්න එන්නේ නැහැ,ඒක නිසා ලෝකේ නැති ප්‍රශ්න!!

    දිගටම මේ වගේ කාලින දේවල් ලියන්න , නවත්වන්න එපා..

    ReplyDelete
  3. හම්මෝ... වවුලාට කාලෙකට පස්සෙ මතක් වෙලා බ්ලොග් එක.. :) සංතෝසයි...
    හ්ම්..... ඔය රියලිටි වැඩසටහන් අපිත් කට ඇරගෙන බැලුවට මොකද ඕවා ඇතුළෙ මොන තරම් දේවල් ව්එනවා ඇත්ද.....හොද වගේම නරකත් හැම දේකම තියන්වනෙ..
    මොනා වුනත් කාලීන දෙයක් ගැන නියමෙට ලියලා. දිගටම ලියන්න සහෝ.. ජය වේවා..!!!!!

    ReplyDelete
  4. @ලහිරු - හි හි...ඉස්සරහ පෝස්ට් එහෙම ලියන්න ට්‍රයි කරන්නම් මචෝ...ස්තුතියි අදහසට

    @චම්මා - නැහැ නැහැ,පොඩි වැඩකට හිරවෙලා හිටියා,ඒකයි....ඔව් ඔව්,තරඟෙන් ගන්න ඕන දේවල් එකක්වත් ගන්නෙ නැහැනෙ...ඉතින් ප්‍රශ්න...දිරිමත් කිරීමට ස්තුතියි සහෝ.

    @හිතූ - ලොකු හයියක් හිතූ....තැන්කු...:)

    ReplyDelete
  5. තරු වැහි වැහැලා.......
    එකක් ඉවරවෙනකොට තව එකක්....

    නියමට ලියලා තිනවා ...සහෝ.... ජය වේවා..!!!

    ReplyDelete
  6. රහස් පරීක්ෂකයා - හි හි...ඒක තමා සහෝ.තරු වැහි වැහැලා දැන් ගංවතුරත් ගලලා...ගොඩක් ස්තුතියි දිරිමත් කිරීමට

    ReplyDelete