Thursday, June 9, 2011

ආදර මල් වල පාට......

අපේ කෙල්ලො කොල්ලො ටිකටනම් ආයෙත් අමුතුවෙන් ආදරේ ගැන කියන්න දෙයක් නැහැනෙ.ආදරේ අන්ධයි,ආදරේ සුන්දරයි, ඕවා තමයි දැන් තියන motto ආදරේ ගැන.කමක් නෑ,මම ඒ ගැන නොදන්න අයට quick guide එකක් දෙන්නම්කෝ කොහොමද අද කාලේ ගොඩයන්නේ කියලා.ඔන්න ඉතින් මුලින්ම කොල්ලා කෙල්ලව දකිනවා මුල්ම පාරට.ඊටපස්සෙ ඉතින් අදාල පුද්ගලිය ගැන ලොවෙත් හොයනවා.ඊටත් පස්සෙ කොල්ලා ඉතින් දවසක් එහෙම දාගෙන,හොඳ කිට් එකක් එහෙම ගහලා,යාලු මිත්තරයන්ගෙ කික් එකෙන් ගිහින් කෙල්ලගෙන් අහනවා කැමතිද කියලා.හා කිවුවොත් තමයි ඉතින් වලෙන් ගොඩයන්නෙ.නැත්තන් ඉතින් අර කොල්ලට ඇණ ගෙන,ඇණ වෙලා ඉන්න වෙනවා.ලෝක සුබාවෙ නෙ.

ඔය ගොඩයෑමේ cycle එකේ මුල්ම හරියෙදි ඇතිවෙන්න පුලුවන් පොඩි දෙබසක් මම කියන්නම්කො.
යාලුවා :- "අන්න මචං පට්ට කෑල්ලක්"
බුවා:- "හිටපන් පොඩ්ඩක් එනකං,හරියට පේන්නෙ නෑ"
පේනමානයට ආවට පස්සෙ,
බුවා:- "අපෝ,ඒක දුරට ඇපල් ලඟට පැපොල් නෙ බං"

ඔය phrase එකේ තේරුමනම් ඉතින් අර කෙල්ල,කොල්ලා හිතපු තරම් ලස්සන නැහැ කියල.ලස්සන කියන සාධකය අද ආදරේ කරන්න පටන්ගන්නකොට අනිවාර්යෙන් සලකලා බලන දෙයක් බවට පත්වෙලා."ලස්සන කන්නද?" කියලා සමහරු කිවුවම අපිට හිනහත් යනව.මේ පෝස්ට් එකත් ඉවරවෙනකන්ම කියවල බලන්නකො එහෙනම් ඒ කතාව ඇත්තද කියල.

අපේ අයින්ස්ටයින් මහත්තයා කියන තියන විදියට ඔක්කොම දේවල් සාපේක්ෂයිලුනෙ.ඉතින් එහෙනම් ලස්සනත් සාපේක්ෂ වෙන්න ඕනැනේ.ඒ කියන්නෙ අපි හැමතිස්සෙම කෙනෙක් දිහා බලලා,එයා ලස්සනද නැත්තන් කැතද කියල හිතන්නෙ යම්කිසි කෙනෙක්ට සාපේක්ෂවයි. උදාහරණයක් විදියට මිස් ශ්‍රී ලංකා වෙච්චි කෙනායි,ඓශ්වර්යායි එකට තියලා ලස්සන කවුද ඇහුවොත් ඉතින් ෂුවර් එකට ඓශ්වර්යා කියලා කියනවානෙ.ඒ ඉතින් ඒ දෙන්නාගෙන්,ඓශ්වර්යාට සාපේක්ෂව අනිත් කෙනා කැතයි කියලා දකින කෙනාට හිතෙනවා,ඒකයි ඔය උත්තරේ දුන්නේ.

දැන් අර අනිත් කෙනා විතරක් තනියම තියලා ඇහුවානම් ඉතින් එය ලස්සනයි කියලත් කියාවි.ඒ එතනදී එයාට සාපේක්ෂව ලස්සන වෙනත් කෙනෙක් නැති හින්දා.එකම කෙනෙක් අපිට වෙලාවකට ලස්සන වෙන්නත් පුලුවන්,කැත වෙන්නත් පුලුවන්.ඉතින් ඒ හින්දා ලෝකේ ලස්සනම හෝ කැතම කියලා කවුරුවත් නැහැ.ඒවගේම පිටතින් බලන කෙනා අනුවත් ලස්සන සාපේක්ෂයි.ඓශ්වර්යා එක්කෙනක්ට ලස්සන වෙන්න පුලුවන්,තවත් කෙනෙක්ට කැත වෙන්න පුලුවන්.අපි මොකක්හරි දේවල් කීපයකින් මිම්මක් හදාගෙන ඒකට හරියන අයව ලස්සන විදියටත් අනිත් අයව කැත විදියටත් වෙන් කරනවා.ඒ හින්දා එකම පුද්ගලයෙක්ගෙ ස්වරූපය එක්කෙනෙකුට ලස්සන වෙන්න පුලුවන්,තවත් කෙනෙකුට කැත වෙන්නත් පුලුවන්.

මම දැන් ඔය ලස්සන කියන එක ආදරෙත් එක්ක ගලපලා මෙහෙම පද දෙකක් කියන්නම්කො."ආදරේ ලස්සනයි" සහ "ලස්සනට ආදරෙයි".

ලස්සනට ආදරේ කරන අය තමයි මම හිතන්නෙ අද බහුතරයක් ඉන්නෙ.එයාලා ලස්සන කියන test එකෙන් පාස් වෙන අයව විතරයි ආදරේ කරන්න තෝර ගන්නෙ.කොටින්ම කියනවානම් මිනී මරුවෙක් උණත් ශාරුක් වගේ ලස්සනට ඉන්නවානම් එයාලට ඒ ඇති.අදාල කෙනාගෙ තියන හොඳ දේවල් මොනවද,නරක දේවල් මොනවද කියන දේවල් මත ඇති නොවිච්ච හරි ලඳ බොලඳ ආදරයක් තමයි ඒ.ආදරේ අන්ධයි කියලා තියෙන්නෙ මෙහෙම කට්ටියට තමා....ලොල්.ඇයි ඉතින් අන්ධයෝ වගේ මෙලෝ හසරක් නොදැන ආදරේ කරන්න යනවා.

ආදරේ තියන සුන්දරත්වය ඇත්තටම විඳින්න පුලුවන් වෙන්නෙ අර අනිත් කණ්ඩායමට.එයාලා තවත් කෙනෙක් ගැන බලන්නෙ ලස්සනෙන් විතරක්ම නෙවෙයි.ගුණ ධර්ම,උගත්කම,චරිතය,අදහස් ගැලපෙනවද.ඔන්න ඔයවගේ දේවල් බලලා තමයි ඒගොල්ලො ආදරේ කරන්න පටන්ගන්නෙ.ඉතින්
තමන්ට සැටිස් වෙන කෙනෙක් එක්ක ආදරේ කරන්න ගත්තම එයාව ඉබේම ලස්සනට පේනවා.මොකද තමන් කැමති දේවල් ඔක්කොම එයා ගාව තියන නිසා සහ තමන් එයාට ආදරේ නිසා.උණහපුලුවාට උගේ පැටවු මැණිකක් කියනවානෙ.ඌ කොච්චර කැත සතෙක් උණත් උණහපුලු අම්මගෙ හිතේ පැටවුන්ට තියන ආදරේ නිසාම උන්ව මැණික් වගේ ලස්සනට පේනවා.මේ කාරණාව පිටින් බලන කෙනෙක්ට තේරෙන්නෙ නැහැ.

ඔතන සමහර වෙලාවට මිනිස්සු ලස්සන කියන එක තේරුම් අරන් තියන විදියත් වැරදි වෙන්න පුලුවන්.බාහිර රූපයම විතරක් ලස්සන කියලා හිතන් ඉන්න අයට කවදාවත් කෙනෙක්ගෙ ඇතුලාන්තය වැදගත් නැහැ.ඉතින් එහෙම අය තමයි ලස්සනට ආදරේ කරන්න යන්නෙ.කෙනෙක්ගෙ ඇතුලාන්තයේ ලස්සන දකින කෙනාට බාහිර රූපය වැදගත් නැහැ.ආදරේ ලස්සන හොඳටම බලාගන්න පුලුවන් වෙන්නෙ
එහෙම කට්ටියට විතරයි.

දැන් වැරදි අදහසක් ගන්න එපා මම මේ ලස්සන නොසලකා හරින්න කියනවය කියලා.ලස්සන කියන දේට ආදරේදි මුල් තැන දෙන්න එපා කියන එක තමයි මම කියන්නෙ.තමන් ආදරේ කරන කෙනාගේ ගුණධර්ම,උගත්කම,චරිතය හොඳනම්,දෙන්නගෙ අදහස් ගැලපෙනවනම් ඒ ඇති.ලස්සනත් තියනවනම් ඒ බෝනස් කියල හිතාගන්නකො.....;)

16 comments:

  1. Ela Ela macho keep it up.. Here is my blog welcome 2 Visituru
    http://visituru.blogspot.com/

    -Makuwa-

    ReplyDelete
  2. මට හිතා ගන්න පුලුවන් මම බ්ලොග් එකක් ලියන්න ගත්තොත් මොනව වේද කියලා.කතාව නම් එල.

    ReplyDelete
  3. මචන් පට්ට බන්. මේක දැක්කොත් ගොඩක් එවුන් ලස්සනට ආදරේ කරන් එවුන් අඩු වෙනවා නියතයි බන්.

    ReplyDelete
  4. සහතික ඈත්ත මචෝ..ආදරේ කියන්නෙ පිස්සුවක්..මිනිහෙක්ට හෑදෙන්න පුලුවන් ලස්සනම, හොදම පිස්සුව තමා ආදරේ කියන්නෙ. උබ වගේ යමක් කමක් තේරෙන කොල්ලෙක් ඒ පිස්සුව ගෙන කතා කරන එක ලොකු දෙයක්..

    ReplyDelete
  5. ela ela...... keep on doing.. :)

    ReplyDelete
  6. adeeee menna kaaleena blog post ekak..elayyy xD

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ෆට්ට මචං...කාලෙකින් සිරා බ්ලොග් එකක් දැක්කා.උඹෙ උපදේශයනම් පැහැදිලියි, පිලිවෙලයි....බලමුකෝ අපේ වරායටත් නැවක් එයිනේ ලගදී.

    ReplyDelete
  9. Hmmm...nice machan..keep up the good work :)

    ReplyDelete
  10. මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. හැබැයි උඹ සිරාවටම, බලන කෙනෙකුට කෙනෙකුට හිතන්න දෙයක් (වෙනස් විදිහට ) දීල තියෙනවා. subject එක ගැන තේරුමක් නැති වුනාට මටත් යමක් මේකෙන් ගන්න තිබුනා කියලනම් කියන්නම ඕනෙ. ....ජය!!!!!

    ReplyDelete
  11. කමෙන්ට්ස් දාපු හැමෝටම බොහොම ස්තූතියි....ඉදිරියට යන්න ලොකු හයියක් වේවි මට ඒවා.

    ReplyDelete
  12. බාහිර රූපය දිහා විතරක් බලලා ආදරය කරන කෙනෙකුගෙන් නියම ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ.. මොකද ඒක තාවකාලිකයි.. ලස්සන කියනදේ හැමදාම පවතින දෙයක් නෙමෙයිනේ.. බලාපොරොත්තුවෙන ලස්සන නැතිවෙලා ගිය දවසට ආදරෙත් ඉවරයි,, ආදරේදි වැදගත් වෙන්නේ දෙන්නෙකුගෙ අදහස් වල ගැලපීම, වීශ්වසය, ඒ තුලින් ඇති වෙන ආදරය සදාකාලිකයී..
    වැඩි දෙනෙක් කතා නොකරන පැත්තක් ගැන වෙනස් විදිහට ලියලා තියෙනවා.. ගොඩාක් හොදයී... :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ම්ම්ම්ම්ම්....මමනම් පෞද්ගලිකව ආදරේදි ලස්සන කියනෙක ඉස්සර කරගන්නෙ නෑ....ඒත් හුගාක් පිරිමි ළම්යි තමයි ඕකට මුල් තැන දෙන්නෙ...හොද අදහසක්...:)

    ReplyDelete
  15. @ Red Riding Hood - thnx!!...:)

    @ හිතූ - ගොඩක් වෙලාවට දෙගොල්ලොම ඒ ගැන හිතනව කියලයි මමනම් හිතන්නෙ...කොහොම වුණත් ස්තුතියි අදහසට...:)

    ReplyDelete