9 වසරෙ සෞඛ්‍ය පොත අතට හම්බෙනකම් ඉස්සර අපි පොඩි උන්ගෙ හිතේ අමුතුම හැඟීමක් තිබුණෙ.අපේ ස්කූල් වෑන් එකේ ගිය අයියලා තමා ඔය හැඟීම අපේ හිතට දැම්මෙ නොයෙක් නොයෙක් දේවල් වලින්.ඒ කට්ටියගෙන් ලැබිච්චි විස්තරේට අනුව පොත හම්බුණ ගමන් මුලින්ම පෙරලල බැලුවෙ ප්‍රජනන පද්ධතිය ගැන තියන පාඩම.ඒකෙ තියන රූප අපිට ඒ කාලෙ මැජික් වගේ(කොහෙන් දැකපුවද දෙයියනේ ඉතින්).ඒ ගැන අපේ හිත් ඒ තරමට උනන්දු වුණෙ ඇයි කියලා මට ඒ කාලෙ තේරුණෙ නැහැ.නමුත් මිනිහා කියන්නෙ පුදුම කුතුහලයක් තියන සතෙක් නෙ.ජීවිතේට අහල,දැකල නැති දෙයක් මුල්ම සැරේට අහන්න,දකින්න මිනිහට හරිම උනන්දුවක් තියනව.ඒක සහජයෙන්ම ආපු පුරුද්දක් නෙ.ඒ හින්දා අපි ගැන වැරදියට හිතන්න එපා ඉතින් ඕං.....;).කොහොමින් කොහොමහරි ඉතින් අපිට ලිංගික අධ්‍යාපනේ ආරම්භයක් උණේ ඔතනින් තමා ඒ කාලෙනම්(දැන් කොහොමද දන්නෙ නෑ).ඔය පාඩම අපිට ඉගැන්නුවද කියලා හරි මතකයක් නැහැ මට.හැබැයි ඉගැන්නුවනම් අමතක වෙන්න විදියකුත් නැහැ නේ.....;).හැබැයි ඉතින් ඔය ගැන ඉගැන්නිල්ලත් 9 වසරෙ සෞඛ්‍ය පොත ආපහු බාරදෙනවත් එක්කම ඉවරවුණා.
ශ්‍රී ලංකාව කියන්නෙ ඇත්තටම ලිංගික අධ්‍යාපනය අතින් ගොඩක්ම පිටිපස්සෙන් ඉන්න රටක්(දකුණු ආසියාවෙම තත්වෙ ඕක තමා).විකියෙත් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙම "In China and Sri Lanka, sex education traditionally consists of reading the reproduction section of biology textbooks".ඒකට හේතුව විදියට මටනම් හිතාගන්න පුලුවන් එකම කාරණාව අපේ සංස්කෘතිය විතරයි.කොටින්ම කියනවනම් ලැජ්ජ බය කියන සංකල්පෙත් එක්ක අනවශ්‍ය දේවල් වගේම අත්‍යවශ්‍ය දේවලුත් අපේ ජීවිත වලින් ඈත් වෙලා.ඉස්සර අපි අහනවා "අම්මේ,තාත්තේ අපි කොහොමද මේ ලෝකෙට ආවෙ" කියලා.එතකොට අම්මා හරි තාත්තා හරි අපිට කියනව "පුතේ ඔයා දෙයියො ගෙනත් දුන්නෙ" කියලා.ඒක ඇත්තටම පොඩි පන්තියක ඉගෙනගත්ත අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් උත්තරයක් වුණා.නමුත් තරුණ කාලෙ ඉන්න ළමයෙක්ට එහෙම සුරංගනා කතා කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.එත් තවමත් ළමයෙක් ඔය ප්‍රශ්නෙ තමුන්ගෙ දෙමවුපියන්ගෙන්ඇහුවොත් අපේ අම්මා තාත්තාට පුලුවන්ද ඕකට හරිහමන් උත්තරයක් දෙන්න?.තරුණ වයසෙ ළමයෙක් ගණීතය,විද්‍යාව වගේම අනිවාර්යෙන් ඉගෙනගන්න ඕනෙ විෂයයක් වෙච්චි ලිංගික අධ්‍යාපනේ අසභ්‍ය කුණුහරුප විදියටයි එදා වගේම අදත් සැලකෙන්නෙ.ලිංගික කරුණු ගැන ඉගෙනගන්න උනන්දුවක් තියන අය දිහාත් ඒ වගේම පහත් විදියට තමා බලන්නෙ අද වුණත්.ඉතින් කන අතගාගන්න කැමති කවුරුහරි ඔය ප්‍රශ්නෙ පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහල බලන්නකො.හි හි.......
හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමේ ප්‍රතිවිපාක අපිට අද හැමතැනින්ම අහන්න ලැබෙනවා.ඒඩ්ස් ලෙඩ්ඩු වැඩිම ගානක් ඉන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ.පත්තරයක් අතට ගත්තොත් දූෂණ වලින් පිරිලා.අයියා නංගිව දූෂණය කරලා,තාත්තා දුවව දූෂණයකරලා.කොටින්ම 60 පැනපු ආච්චිලව පවා දූෂණය කරල මරල දාපු ආරංචි අපිට අහන්න ලැබුණා.තාම කිරිබෝතලෙ අතෑරපු නැති පොඩි උන් Blue Films බලන්න පුරුදුවෙලා.තවත් කියනවනම් දේවල් ඕනතරම්.ලිංගිකත්වය ගැන අවබෝධයක්නැති තරුණ පරපුර ඒ ගැන අවබෝධය ගන්න පාවිච්චි කරන මූලිකම දේ තමා මේ Blue Films.ඒවා බැලුවමලිංගිකත්වය ගැන අමුතුම අදහස් වලින් ඔලුව පිරෙනවා.එහෙම විකෘති වෙච්චි ඔලුවක් තියන මිනිස්සු දිගින් දිගටම සමාජෙට එන හින්දාතමයි අපිට ඔය දූෂණ වල කෙලවරක් දකින්න නොලැබෙන්නෙ,ග්‍රීස් යක්කු රටපුරා සැරිසරන්නෙ.අද ගැහැණු කෙනෙක්ට බස් එකක හිටගෙන නෙවේ,වාඩිවෙලාවත් යන්න පුලුවන්ද?.ඒ තරමට විකෘති මොළ තියන කාමාතුරයින්ගෙන් සමාජය පිරිලා.තමුන්ගෙ ජාතක දරුවව, එහෙමත් නැත්තම් අම්මටත් වඩා වයස ගැහැණුන්ව දූෂණය කරන්න තරම් පහත් මානසිකත්වයක් මනුස්සයෙක්ට ඇතිවෙනව කිවුවමත් අපිට පුදුමයි.නමුත් ඇත්ත ඒකයි.
අනික් කාරණව තමා ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ ලිංගික අධ්‍යාපනේ ප්‍රජනන පද්ධතියට සීමා වෙච්ච එකක් කියලා.ඒක සම්පූර්ණ වැරදි අදහසක්.ප්‍රජනන පද්ධතිය වගේම ලිංගිකව හැසිරීම,ප්‍රජනන සෞඛ්‍ය,ප්‍රජනන අයිතිවාසිකම් සහ වගකීම්,උපත් පාලනය වගේම මිනිස් ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ අනික් සියලු දේත් ලිංගික අධ්‍යාපනයට අයිති වෙනවා.නමුත් සමහර අය ලිංගිකත්වය ගැන අත්දැකීමක් මුල්ම වතාවට ලබාගන්නෙ විවාහයෙන් පස්සෙ.නිසියාකාරව ලිංගිකත්වය ගැන නොදැනීම හින්දා ඒ වගේ වෙලාවක දෙන්නනාම අපහසුතාවයකට පත්වෙනවා.කොටින්ම කියනවානම් විෂයය නොදැන විභාගෙට ගියා වගේ තත්වයක් තමයි ඇතිවෙන්නෙ.ඕකට හරියන්න තවත් කට්ටියක් ඉන්නවනෙ ඉතින් අර දකින දකින මල් ඉඹින.හරි අවබෝධයක්වත් ආරක්ෂාවක්වත් නැතුව ලිංගිකව හැසිරීම හින්දා ඒඩ්ස් වගේ ලිංගාශ්‍රිත රෝග ඉක්මනටම පැතිරෙනවා.ලංකාවෙන් දැනට ඒඩ්ස් රෝගීන් 313 ක් හොයාගෙන තියනවා ඒ වගේම 1350 කට ආසන්න ප්‍රමාණෙකට ඒඩ්ස් වෛරස් එක ශරීරගත වෙලා තියනවා.හරි ආරක්ෂාවක් නැති කමෙන් ලෙඩ රෝග හැදෙන්න පුලුවන් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නත් පුලුවන්.ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා කිරීම් විතරක් 700 ක් වෙනවා කියලා සමාජසේවා ඇමතිතුමා කියලා තියනවා.නීතියට අනුව ඒක සිද්ධවුණත් මිනිස්සුන්ගෙ නොසැලකිලිමත්කමට තාමත් නොඉපදුනු ජීවිතයක් වන්දි ගෙවන එක අසාධාරණයක්.
ඔය ලංකාවෙ දැනට තියන තත්වය.මේක වෙනස් කරන්නනම් "ලිංගික අධ්‍යාපනය" පාසල් තුලින් ක්‍රමවත් විදියකට තරුණ පරපුරට ලබා දෙන්නම වෙනවා.මොකද ළමා මනස ඉක්මනටම වෙනස්කරන්න පුලුවන්.ඉතින් ලිංගිකත්වය ගැන වැරදි අදහසක් එක්ක වැඩෙන ළමයෙක් පස්සෙ සමාජෙට ලොකු කරදරකාරී පුද්ගලයෙක් වගේම සමාජයෙන් කොන්වෙච්ච පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්.පාසල ඇරුණු කොට ලිංගිකත්වය ගැන අවබෝධය වැඩිකරගන්න හොඳම තැන තමයි ගෙදර.නමුත් දැනට ගෙදර තත්වෙ මම කලිනුත් කිවුවා වගේ හරිම කණගාටුදායකයි.ළමයා සහ දෙමවුපියන් අතර ලිංගිකත්වය ගැන කතාකරන්න තියන අපහසුතාවය තමා ළමා අපචාර වැඩිවෙන්න ප්‍රධානතම හේතුව.ඒ හැරුණම නොයෙක් ලිංගික ප්‍රශ්න නිසා මානසිකත්වය පවා ඇදවැටිච්ච ළමයි ඕනතරම් හම්බවෙනවා අපිට.මේ වගේ ප්‍රශ්න මග අරින්නත්,ළමයාට හොඳ ලිංගික අවබෝධයක් ලබාදෙන්නත්,ළමයාට දෙමාපියන් එක්ක ලිංගිකත්වය ගැන සැහැල්ලුවෙන් කතාකරන්න පුලුවන් තැනට සමාජය ආ යුතුමයි.හණමිටි අදහස් අත ඇරලා පාසල වගේම ගෙදරත් විවෘත තැනක් බවට පත්වුණාම අපිට දූෂණ,ඒඩ්ස්,ග්‍රීස් යක්කු නැති සදාචාරවත් ශ්‍රී ලංකාවක් බලාගන්න පුලුවන් වෙයි...........:)
ආශ්‍රිත - දිවයින Online Edition,Wikipedia
ප.ලි - මේ පාර ලියපු මාතෘකාව සමහරුන් පිලිකුලෙන් නොකියවා ඉඳීවි.ඒත් දැනට නොසලකා හැරල තියන මේ වගේ ශිෂ්ට සම්පන්න සමාජෙක කතා කළ යුතුම දේවල් කවුරු කවදා හරි කතාකළ යුතුමයි කියල හිතුණ නිසයි ලිවුවේ.මල් වගේම ගල්,මුල් ඔක්කොම සතුටින් බාරගන්නවා.ඔයාලට ජය!!!.
බාරගන්නවා.ඔයාලට ජය!!!.